විවාහ මංගල්‍යයේ වාසනාව උදාවන සුබ මූර්ති - සම්පූර්ණ නැකැත් පත්‍ර සකස් කිරීම

යුග දිවියක ආරම්භය වඩාත් සාර්ථක වන්නේත්, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමට ශක්තිය ලැබෙන්නේත් සොබාදහමේ ආශිර්වාදය නොහොත් "සුබ නැකත" නිසි පරිදි ලැබුණු විටය. ඔබගේ මංගල දිනය වාසනාවන්ත දිනයක් කර ගැනීම සඳහා වඩාත් නිවැරදි සහ පැහැදිලි නැකැත් පත්‍රයක් සකස් කර ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.

මුලින්ම ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර, විවාහය සඳහා වඩාත්ම සුබදායක "නැකත් දින 5ක්" අප විසින් ලබා දෙනු ලැබේ. එම දින 5න් යුවල විසින් තෝරාගනු ලබන නිශ්චිත දිනයට අදාළව, විවාහයේ පහත දැක්වෙන සියලුම ප්‍රධාන අංග ඇතුළත් කරමින් සම්පූර්ණ නැකැත් වේලාවන් සකස් කර දෙනු ලැබේ.


විවාහ මංගල්‍යයක සියලුම චාරිත්‍ර ඇතුළත් සම්පූර්ණ නැකැත් පටිපාටිය

මනාලයා සහ මනාලිය සිය නිවෙස්වලදී මංගල ස්නානය සිදු කිරීම
මනාලිය රූපලාවන්‍යාගාරය වෙත ඇතුළු වීම
මනාලයා මංගල වස්ත්‍රාභරණයෙන් සැරසීම ආරම්භ කිරීම
මනාලිය මංගල වස්ත්‍රාභරණයෙන් සැරසීම ආරම්භ කිරීම
මනාලයා සිය නිවසින් මංගල ශාලාව බලා පිටත්වීම
මනාලිය රූපලාවන්‍යාගාරයෙන් පිටත්වීම
මනාලිය මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට ඇතුළු වීම
මනාලයා මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට ඇතුළු වීම
මනාලයා මංගල සභාවට කැඳවාගෙන ඒම
මනාලිය මංගල සභාවට කැඳවාගෙන ඒම
යුවල මංගල පෝරුවට ගොඩවීම
මංගල මුදු මාරු කිරීම
තැලි පිළි පැළඳවීම
මනාලියට කිරිබත් සහ පැණි රස කැවිලි කැවීම
මංගල පෝරුවෙන් බැසීම
විවාහ රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ අත්සන් තැබීම
මංගල කේක් සැකසුම කැපීම
මංගල පහන දැල්වීම
මංගල භෝජන සංග්‍රහය ආරම්භ කිරීම
යුවල මංගල ශාලාවෙන් පිටත්වීම
යුවල නව නිවසට හෝ හෝටලයට සම්ප්‍රාප්ත වීම
නව නිවසේදී කිරි ඉතිරවීම
මනාලිය සිය නව නිවසේ චාරිත්‍රානුකූලව වැඩ ඇල්ලීම
දෙවන දින උත්සවය සඳහා නිවසින් පිටත්වීම
මනාලියගේ පාර්ශවය විසින් යුවල පිළිගැනීම
සහ තවත් නැකත් 34ක් අඩංගුවේ

විශේෂ දීමනාව:

අප විසින් සකස් කරනු ලබන මෙම සියලුම නැකැත් ඇතුළත් වර්ණවත් (Color Print) නැකැත් පත්‍ර පිටපත් දෙකක් ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.

ගාස්තුව: රු. 27,000.00 පමණි.

පාරම්පරික ජ්‍යොතිෂ ක්‍රමවේදයන්ට අනුව, ඔබගේ උපන් වේලාවට හා ග්‍රහ ගෝචරයට ගැලපෙනම සුබ මුහුර්තියෙන් යුග දිවිය අරඹන්න අදම අප හා සම්බන්ධ වන්න.